නව QR කේතය ළඟදීම , මෙන්න විස්තරේ..
Wednesday, 17 January 2024 - 7:43 | Views - 480
ත්‍රීරෝද රථ රියදුරන් ලෙස දැනට කටයුතු කරනු ලබන සියලුදෙනා ලියාපදිංචි කරමින්, ඉතා කෙටි කාලයක් තුළදී නව QR කේතයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
ඒ එලෙස QR කේතයක් ඉල්ලා ඉදිරිපත් වූ යෝජනාව සලකා බලමිනු යි.
ඇමතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (16) ,ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය කවුන්සිල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.
එසේම , මෙසේ පිහිටුවන ලබන වෘත්තීය සංවිධානය මඟින් අන්තර්ජාලය හරහා ත්‍රිරෝද රථ රියදුරන්ට ගමන්වාර ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධවද මෙහිදී සාකච්ඡා කෙරුණා.
Share This Article