අවලංගු වූ විභාගය පෙබරවාරි පළමුවෙනිදා - පාසල් ආරම්භයත් කල්යයි...
පෙර කී උසස් පෙළ කෘෂි විද්‍යාව 2 වෙනි ප්‍රශ්න පත්‍රය සේම,කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය ද විභාගයට පෙර පිට වී ඇති බව හෙළි වී තිබෙනවා.ඒ හේතුවෙන්, උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය සඳහා නියමිත ප්‍රශ්න පත්‍ර දෙකම නැවත වරක් පැවැත්වීමට කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත්, අවලංගු වූ එම ප්‍රශ්න පත්‍ර දෙක සඳහා යළි පැවැත්වීමට නියමිත විභාගය පෙබරවාරි පළමු දින පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ අනුව කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස එදින උදෑසන 08.30 සිට 11.40 දක්වාත් පළමු කොටස පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා පැවැත්වෙන බවයි ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එමෙන්ම අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අයදුම්පත්‍රවල සඳහන් ලිපින වෙත තැපැල් කර යැවීමට කටයුතු කරන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර, පෙබරවාරි මස 01 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසැල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 5 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කළා.