අවලංගු වූ විභාගය පෙබරවාරි පළමුවෙනිදා - පාසල් ආරම්භයත් කල්යයි...
Wednesday, 17 January 2024 - 7:32 | Views - 644
පෙර කී උසස් පෙළ කෘෂි විද්‍යාව 2 වෙනි ප්‍රශ්න පත්‍රය සේම,කෘෂි විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය ද විභාගයට පෙර පිට වී ඇති බව හෙළි වී තිබෙනවා.

ඒ හේතුවෙන්, උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය සඳහා නියමිත ප්‍රශ්න පත්‍ර දෙකම නැවත වරක් පැවැත්වීමට කටයුතු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, අවලංගු වූ එම ප්‍රශ්න පත්‍ර දෙක සඳහා යළි පැවැත්වීමට නියමිත විභාගය පෙබරවාරි පළමු දින පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස එදින උදෑසන 08.30 සිට 11.40 දක්වාත් පළමු කොටස පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා පැවැත්වෙන බවයි ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. 

එමෙන්ම අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අයදුම්පත්‍රවල සඳහන් ලිපින වෙත තැපැල් කර යැවීමට කටයුතු කරන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර, පෙබරවාරි මස 01 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන පාසැල් වාරයේ දෙවන අදියර පෙබරවාරි මස 5 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය ප්‍රකාශ කළා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top