කැරට් ගාණටම යන කැරට් අලේ..
Tuesday, 16 January 2024 - 10:53 | Views - 540
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (16) දිනයේ , තොග එළවළු මිල ඉතා ඉහළ අගයක් ගෙන ඇති බව වාර්තා වනවා.
ඒ අනුව, අද දිනයේ කැරට් 1 kg මිල සටහන් වූයේ රුපියල් 1750 - 2000 ත් අතර මිලක බවයි සඳහන්.
එසේම, බීට් රූට් 1 kgක් රුපියල් 650 - 700 ත් අතර ,
ගෝවා 1 kg රුපියල් 500 - 680 ත් අතර ,
බෝංචි 1 kg රුපියල් 500 - 850 ත් අතර ,
මාළු මිරිස් 1 kg රුපියල් 850 - 1000 ත් අතර,
වම්බටු 1 kg රුපියල් 450 - 500 ත් අතර ,
මෑකරල් 1 kg රුපියල් 350 - 400ත් අතර, සහ ලීස් 1 kg රුපියල් 450 - 500 ත් අතර මිලක් ගත් බවයි සඳහන් වන්නේ.
Share This Article