පාර්ලිමේන්තු සභාවාරය ජනවාරි 27 අවසන්..
Tuesday, 16 January 2024 - 10:15 | Views - 293
ජනවාරි 27වැනි දින පාර්ලිමේන්තු සභාවාරය අවසන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
එසේ අවසන් කිරීමට නියමිතව ඇත්තේ, 9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය යි.
ඒ අනුව, යළිත් උත්සවත්ශ්‍රීයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ, පෙබරවාරි මස 07 වනදා යි.
එසේ වුවද, පාර්ලිමේන්තුව මෙම මස 23 සහ 24 යන දිනවල අවසන් වරට රැස්වීමට නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ, ඒ මෙම මස 25 වන බ්‍රහස්පතින්දා දිනයේ පොහොය නිවාඩුව යෙදී ඇති බැවින් බවද සඳහන්.
කෙසේ වෙතත්, මෙසේ පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කෝප්, කෝපා ඇතුළු කාරක සභා 50කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වන අතර ඒ අනුව එම කාරක සභා සියල්ල යළි පිහිටුවීමට ද නියමිතව තිබෙනවා.
Share This Article