බෙහෙත් ගන්න යන්න ද ඉන්නේ, අද වැඩ වර්ජනයක්.. (Video)
Tuesday, 16 January 2024 - 9:29 | Views - 490
වෛද්‍යවරුන්ට වැඩිකළ රුපියල් තිස් පන්දහසක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඇතුලු වෘත්තිය සමිති 72 ක නියෝජිතයන් අද එක්දින වැඩවර්ජනය නිරත වෙනවා...

වෛද්‍යවරුන්ට රුපියල් 35,000 ක්ව පැවති රාජකාරි හා ප්‍රවාහන දීමනා රුපියල් 70,000 දක්වා රුපියල් 35,000 කින් ඉහළ දැමීමට පසුගියදා රජය පියවර ගත් අතර, ඊට විරෝධය පළ කරමින් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් පසුගිය 09වැනිදා ද පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරතවුණා..

කෙසේ වෙතත්, ඊට රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අද උදෑසන 6.30 සිට යළි පැය 24 ක වැඩවර්ජනයක් ආරම්භ කිරීමටයි ඔවුන් තීරණය කළේ..

මේ අතර ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය අදාළ වර්ජනයට සහය පළ කිරීම ප්‍රශ්න සහගත බවට ඇතැම් වෘත්තිය සමිති චෝදනා කරනවා..

සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත කියා සිටියේ එය යම් දේශපාලන කුමන්ත්‍රණයක්දැයි සැක මතුවන බවයි..

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද මෙම වැඩවර්ජනය පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා අද පෙරවරුවේ තම වෘත්තිය සමිති නියෝජිතයන් කැඳවා සාකච්ඡා කරන බව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියා..

කෙසේ වෙතත් පසුගිය සතියේ වැඩවර්ජනය ක්‍රියාත්මක වූ අවස්ථාවේ යුද හමුදාව සේවයට යොදවා රෝහල් කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳ සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය ඊයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා..

ඊට ප්‍රතිචාර දැක්වූ එම සංගමයේ සභාපති රවී කුමුදේෂ් කියා සිටියේ රජයේ එම ක්‍රියාමාර්ග පාර්ශ්වයන් අතර ගැටුමකට මුලපිරීමක් වනු ඇති බවයි..

කෙසේ වෙතත් වෘත්තීය ක්‍රියාමාර්ගයට විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් අද උදෑසන 11ට කැඳවා ඇතැයි සෞඛ්‍ය ලේකම්වරයා විසින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයට ලිඛිතව දැනුම් දී තිබෙනවා.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top