තමන්ටම කියලා නිවසක් තනා ගන්න - සිහින දකින ඔබට
Sunday, 14 January 2024 - 15:00 | Views - 562
“සැමට නිවහන” වැඩසටහන යටතේ නව නිවාස ණය 15,000ක් ලබා දීම මේ මස අවසන් වීමට පෙර ආරම්භ කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසනවා.
නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා මෙම නිවාස ණය ලබා දෙන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාඅරච්චි සදහන් කළා.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාල හරහා මෙම නිවාස ණය ප්‍රතිලාභීන්ට දෙන බවද ඔහු පවසනවා.
මෙවර අයවැය මගින් මෙම වසරේ නිවාස සංවර්ධනය වෙනුවෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට රුපියල් මිලියන 7,650ක් වෙන් කර තිබෙනවා.
Share This Article