අවලංගු වූ උසස් පෙළ කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය, නැවත පැවැත්වෙන හැටි..
Friday, 12 January 2024 - 15:31 | Views - 294
මෙවර උසස් පෙළ විභාගයේ පසුගිය (10) වෙනිදා පැවති කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය , විභාගයට පෙර සමාජ මාධ්‍යයේ සංසරණය වීම නිසා , එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර තිබෙනවා.විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, සියලුම මාධ්‍යන් සඳහා මෙම ප්‍රශ්න පත්‍රය අවලංගු වෙන බවයි. අවලංගු කරන ලද කෘෂි විද්‍යාව 2 ප්‍රශ්න පත්‍රය, දැනට පැවැත්වෙන උසස් පෙළ විභාගයේ සියලු විෂයන් අවසන් වූ වහාම ,නැවත පැවැත්වීමට කටයුතු කරන බවද සඳහන්. එසේම, එම විෂයට අදාළ විභාගය නැවත පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව ද , විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මේ සඳහා වන පාසල් අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර , අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත සහ පුද්ගලික අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ අයඳුම්පත්‍රවල සඳහන් ලිපින වෙත තැපැල් කර යැවීමට කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන්.


Share This Article