විදුලි බිල අඩුවෙන්නේ මෙහෙමයි ?
Friday, 12 January 2024 - 12:41 | Views - 602
විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ යෝජනාවලිය අද (12) දිනයේ මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි සභාපති නලින්ද ඉලංගකෝන් කියා සිටියේ, විදුලිබල මණ්ඩල අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැති එම යෝජනාවට මේ වන විට හිමිව ඇති බවයි.
කෙසේ වෙතත්, විදුලි උත්පාදනයෙන් 96%ක් ජල විදුලිය උපයෝගි කර ගනිමින් සිදුකරන අතර, විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ අතිවිශාල ලාභයක් ද වාර්තා කර තිබෙනවා.
එසේම පසුගිය 2023 වසර තුල විදුලි බිල අවස්ථා කිහිපයකදීම ඉහළ දමනු ලැබූ අතර, ජනතාව චෝදනා කරන්නේ, මේ වන විට පවතින විදුලි බිල්පත් ගෙවීමේ ගැටළු වලට ඔවුන් මුහුණ දී තිබෙන බවයි.
මෙවැනි පසුබිමක විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ, විදුලි ගාස්තු අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.
Share This Article