විදුලි බිල අඩුවෙන්නේ මෙහෙමයි ?
Friday, 12 January 2024 - 12:41 | Views - 603
විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ යෝජනාවලිය අද (12) දිනයේ මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි සභාපති නලින්ද ඉලංගකෝන් කියා සිටියේ, විදුලිබල මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැති එම යෝජනාවට මේ වන විට හිමිව ඇති බවයි.

කෙසේ වෙතත්, විදුලි උත්පාදනයෙන් 96%ක් ජල විදුලිය උපයෝගි කර ගනිමින් සිදුකරන අතර, විදුලිබල මණ්ඩලය පසුගිය වසරේ අතිවිශාල ලාභයක් ද වාර්තා කර තිබෙනවා.

එසේම පසුගිය 2023 වසර තුල විදුලි බිල අවස්ථා කිහිපයකදීම ඉහළ දමනු ලැබූ අතර, ජනතාව චෝදනා කරන්නේ, මේ වන විට පවතින විදුලි බිල්පත් ගෙවීමේ ගැටළු වලට ඔවුන් මුහුණ දී තිබෙන බවයි.

මෙවැනි පසුබිමක විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ, විදුලි ගාස්තු අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top