අමුතු ඇසුරට ලැබුණු දඬුවම.. පළාගොස් සැඟව සිටි සැකකරුට මාංචු.. (Video)
Friday, 12 January 2024 - 10:28 | Views - 499

Update....
කොළඹ ආදුරුප්පු වීදියේදි කාන්තාවකට පෙට්‍රල් දමා ගිනිතැබිමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරු, මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පළාගොස් සැඟව සිටියදී අදාළ සැකකරු අද (12) දිනයේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ..
එසේම, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
-----------------------------------------------------------------------------------------
කොළඹ ආදුරුප්පු වීදියේදි කාන්තාවකට පෙට්‍රල් දමා ගිනිතැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.පසුගිය (11) දා සැකකරු , ත්‍රිරෝද රථයකට අදාළ කාන්තාව දමා ගිනි තබා පලා ගොස් තිබුණා.සිද්ධියට මුහණ දුන් කාන්තාව මිට පෙර විවාහයක් සිදු කර දික්කසාද වී ඇති අතර එම විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනෙකු සිටිනවා.අනතුරුව ඇය මෙම ගිනි තැබූ පුද්ගලයා සමග සමීප සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.ත්‍රිරෝද රථය තුළට දමා ගිනි තැබීමෙන් පසු එම කාන්තාව රථයෙන් බැස මාර්ගයේ දිවගොස් තිබූ අතර පසුව ප්‍රදේශවාසීන් එක්ව ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණා.එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඇගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ 27 හැවිරිදි ෆාතිමා සුමේදා නැමති ආදුරුප්පුවීදියේම පදිංචි කාන්තාවක්.සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු වන අතර ඒ සදහා මුදල් ඉල්ලා නොලැබුනු සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවටයි ඇයගේ පවුලේ ඥාතීන් සැක පළ කරන්නේ.ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Share This Article