කෙසෙල් කොළේ බත් කන්න කැමති ඔයාලට, මේක වැදගත්....
Friday, 12 January 2024 - 8:04 | Views - 580
මේ කෙසෙල් කොළයක් සීසන් කර ගන්නා හැටි...

අපි හැමෝම ආසයි කෙසෙල් කොළේ බත් කන්න. ඒත් කෙසෙල් කොළයක් කොහොමද හරියට පදම් කර ගන්නේ. කාලයක් තියා ගන්නේ කොහොමද. ප්‍රශ්න ගොඩාක් ඇති. මේ ඒ ප්‍රශ්න වලට පිළිතුරු .

කෑම එතීමට ගන්නා කෙසෙල් කොළයක් පදම් කර ගන්නා හැටි හා කෙසෙල් කොළයේ කෑම කෑමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා බලමු.
කෙසෙල් කොළයෙන් ආහාර ගැනීමේ ඇති ප්‍රයෝජන,

1 ක්ලෝරෆිල් නැමැති සංඝටකය මගින් බඩවැල් වල ඇති වන තුවාල සහ සමේ ඇතිවන තුවාල සුවපත් කරයි
2 රුධිරය පිරිසිදු කරනු ලබයි.
3 ආහාර අරුචිය වඩවන අතර ආහාර දිරවීම පහසු කරයි.
4 වකුගඩු වල සහ මුත්‍රාශයේ ගල් ඇති වීම වැලැක්වීම මෙන්ම රෝගයන් රැසකට වැටකඩොළු බැදීම සිදු කරයි.
5 මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරයි.

කෙසෙල් කොළය පදම් කර ගන්න ආකාරය ගොඩාක් අය දන්නේ නැහැ.
කෙසෙල් කොළයක් පදම් කර ගන්නා හැටි:-
▪️කෙසෙල් කොළ කපාගෙන අළු පිසදාල සෝදාගන්න ඕනෑ.
▪️ඊළඟට නටන වතුරේ ඔබල ගන්න. තත්පර දෙක තුනයි.
▪️දැන් තද අව්වේ පැය දෙක තුනක්‌ හෝ මද පවනේ පැය 5 – 6 ක්‌ වේලාගන්න. දැන් මේවා භාවිත කරන්න පුළුවන්.
▪️ශීතකරණයක දාල තියා ගන්නවා නම් මේ ලන්ච්ෂීට්‌ මාස තුනක්‌ වුණත් තියාගන්න පුළුවන්”

කෙසෙල් කොළ උණු වතුරෙන් පදම් කොට මේ ආදේශකය සකසා ගත් පසුව මාස 3ක් පමණ මේ ශීතකරණයක කල් තබා ගත හැකි බවත් මේ කොළය ගුළි කළත් ඉරෙන්නේ නැති භාවිතයෙන් පසු දින පහක් පමණ සෝදා යළිත් ප්‍රයෝජනයට ගත හැකි පරිසර හිතකාමී ආදේශකයක් බවත් සඳහන්.

කෙසෙල් කොළ වලින් කෑම පාර්සල් පෙට්ටි හදන හැටි පින්තුර වලින් පෙන්වා දී ඇත.


උපුටා ගැනීම - සමාජ මාධ්‍යය

No photo description available.

No photo description available.

May be an image of 2 people


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top