මේ කියන්න යන්නේ IMF මිල සූත්‍රය නිසා ඇහෙන තවත් කතාවක්..
එන්න එන්න මිල ගණන් ඉහළ යන කාලෙක සමහරවිට මේක ඔබට තවත් සාමාන්‍ය දෙයක් වේවි..
මේ වසරේදී නැවතත් මද්‍යසාර හා දුම්වැටි මිල ඉහළ යා හැකි බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් පවසනවා..
IMF සංවිධානය විසින් මෙරට මද්‍යසාර හා දුම්වැටි සඳහා මිල සූත්‍රයක් හෝ මද්‍යසාර සඳහා මද්‍යසාර බදු අයකරන ක්‍රමයක් යෝජනා කර ඇති බැවින් මිල ගණන් ඉහළ යා හැකි බවයි ඔහු පවසන්නේ...
එමෙන් ම මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ යෑම නිසා රජයට බදු ආදායම වැඩි වී පරිභෝජනය පහළ යන නිසා මද්‍යසාර සහ දුම්වැටි පරිහරණය කරන්නන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැයවන මුදලද අඩු බවයි සම්පත් ද සේරම් පෙන්වා දෙන්නේ..
එමෙන්ම අධ්‍යන ප්‍රතිපක්ති කේන්ද්‍රය ප්‍රකාශයට පත්කර ඇති පරිදි පසුගිය වසරේ මද්‍යසාර බදු 10%ක් වැඩි කිරීමේදී මද්‍යසාර භාවිතය 11.7%කින් අඩු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ..