මෙන්න මේවාගේ මිල , අයෙත් වැඩි වෙන්නලු හදන්නේ..
Thursday, 11 January 2024 - 9:37 | Views - 309
මේ කියන්න යන්නේ IMF මිල සූත්‍රය නිසා ඇහෙන තවත් කතාවක්..

එන්න එන්න මිල ගණන් ඉහළ යන කාලෙක සමහරවිට මේක ඔබට තවත් සාමාන්‍ය දෙයක් වේවි.. 

මේ වසරේදී නැවතත් මද්‍යසාර හා දුම්වැටි මිල ඉහළ යා හැකි බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක සම්පත් ද සේරම් පවසනවා..

IMF සංවිධානය විසින් මෙරට මද්‍යසාර හා දුම්වැටි සඳහා මිල සූත්‍රයක් හෝ මද්‍යසාර සඳහා මද්‍යසාර බදු අයකරන ක්‍රමයක් ‍යෝජනා කර ඇති බැවින් මිල ගණන් ඉහළ යා හැකි බවයි ඔහු පවසන්නේ...

එමෙන් ම මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ යෑම නිසා රජයට බදු ආදායම වැඩි වී පරිභෝජනය පහළ යන නිසා මද්‍යසාර සහ දුම්වැටි පරිහරණය කරන්නන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැයවන මුදලද අඩු බවයි සම්පත් ද සේරම් පෙන්වා දෙන්නේ..

එමෙන්ම අධ්‍යන ප්‍රතිපක්ති කේන්ද්‍රය ප්‍රකාශයට පත්කර ඇති පරිදි පසුගිය වසරේ මද්‍යසාර බදු 10%ක් වැඩි කිරීමේදී මද්‍යසාර භාවිතය 11.7%කින් අඩු වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ..
  


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top