කහතුඩුවේ ඝාතනයේ සැකකරුගේ ආන්දෝලනාත්මක පාපොච්චාරණය
Thursday, 11 January 2024 - 8:52 | Views - 946
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම අසලදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කළ සැකකරු පැය 24 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

ඒ ඔහු අද කැස්බෑව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු පාපෝච්චාරණය කර ඇත්තේ මිය ගිය කාන්තාව සහ තමන් අතර ඊයේ පස්වරුවේ බහින්බස් වීමක් සිදු වූ අතර එහිදී ඇති වූ ක්ෂණික කෝපය හේතුවෙන් ඇයට තියුණු ආයුධයකින් පහර දුන් බවයි.

49 හැවිරිදි මෙම සැකකරු ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපලේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එයාර් ඒෂියා ගුවන් සමාගමට අයත් ඒ.කේ. 048 දරණ යානයෙන් සිංගප්පූරු බලා පිටත්ව යාමට පැමිණ සිටියදීයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීමේ අරමුණින් ගුවන්තොටුපොළේ ස්ථාපිත කළ මුහුණු හඳුනාගැනීමේ ස්වයංක්‍රීය පද්ධතියේ සහයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගැණුනා.

සැකකරු විදේශ රටකට පලාගොස් සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රත්මලානේ ධර්මසිරි නමැත්තාගේ සහෝදරයෙකු වන බවටද අනාවරණ වී තිබෙනවා.

ඝාතනයට ලක් වූ පිලියන්දල - මඩපාත ප්‍රදේශයේ පදිංචි දුලාංජලී අනුරුද්ධිකා නමැති 41 හැවිරිදි එක්දරු මව සිවිල් ගුවන් සේවා නිලධාරිනියක ලෙස සේවය කරනු ලැබුවා.

ඇය සේවය නිම කර කාර්යාලයීය ප්‍රවාහන සේවාවට අයත් බස් රථයකින් පැමිණ ඉන් බැස තිබුණේ කහතුඩුව අධිවේගී පිවිසුම අසලින්.

පසුව මාර්ගයේ අනෙක් පස නවතා තිබූ ත්‍රීරෝද රථයකට ගොඩවීමට යාමේදී මෝටර් රථයකින් පැමිණ මාර්ගයේ රැක සිටි සැකකරු එක්වරම ඇයගේ උදරයට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

පසුව සැකකරු එම කාන්තාවගේ ගෙලට හා සිරුරේ තවත් ස්ථාන කිහිපයකට තියුණු ආයුධයෙන් පහරදී පැමිණි මෝටර් රථයෙන්ම පලාගොස් තිබුණේ හෝමාගම ප්‍රදේශයටයි.

ඝාතනයට ලක්වූ කාන්තාව සහ සැකකරු විවාහකයින් වන අතර, ඔවුන් විවාහ වීමට පෙර ප්‍රේම සබදතාවයක් පවත්වා ගෙන ගොස් තිබුණා.

දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වන සැකකරු විදේශ ගත වී සිට යළි මෙරටට පැමිණ ඇති අතර, දෙදෙනා අතර යලි සබඳතාවක් පැවති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.
සැකකරු බම්බලපිටිය ප්‍රදේශයේ කාර්යාලයක වීසා උපදේශන සේවාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top