වැට් නිසා වාහන සහ අමතර කොටස් මිලත් ඉහළ ගිහින්..
Thursday, 11 January 2024 - 8:03 | Views - 461
පරිහරණය කරන මෝටර් රථ වැට් බද්දට යටත් කිරීම නිසා ඒවායේ මිල 18%කින් ඉහළ දැමීමට සිදුව ඇති බව සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝසියේෂන්හි සභාපතිවරයා පවසා තිබෙනවා.
එසේම, මෝටර් රථ අමතර කොටස් සඳහා 15%ක්ව පැවති වැට් බද්ද 18%ක් දක්වා ඉහළ නැංවීම හේතුවෙන් අමතර කොටස්වල මිලද ඉහළ ගොස් ඇති බවයි හිරු ප්රවෘත්ති අංශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
Share This Article