හැකි තාක් එකිනෙකා වැළඳ ගන්න.. එහෙම එකිනෙකාට ඇබ්බැහි වෙන්න බය වෙන්න එපා..
Wednesday, 10 January 2024 - 16:12 | Views - 292

විදින්න ඕන ජිවිතේ , විඳවන්නේ ඇයි කියලා අහන අය ඇති..
ඒ වගේම මොන දේ තිබුණත් , සල්ලි නැතුව මොකුත් බෑ කියන අයත් ඇති..
මේ ඔක්කොම අද කාලෙට ගැළපෙන කතා වුණත්, අපි මේ ලෝකේ ගොඩාක් කල් ඉන්න නොඅපු අපි හැමවෙලේම සතුටෙන් ඉන්න එකම තමා හොඳ.
මොකද අපිට මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ බොහොම ටික කාලයයි..
ඒ නිසා ඒ ඉන්න ටිකේ අපි බොහොම සැනසීමෙන් සතුටෙන් ඉන්න ඕනේ..
අනිත් එක පුංචි පුංචි ආදරණීය තැන් අපි ජීවිතේ විඳින්නම ඕනේ..
ඉතින් ටිකක් හිතන්න , ඔබේ දරුවන් සමඟ එකට නිදාගන්න..
හැකි තාක් එකිනෙකා වැළඳ ගන්න.. එහෙම එකිනෙකාට ඇබ්බැහි වෙන්න බය වෙන්න එපා..
දරුවන් කුඩාවට ඉන්නේ ටික කාළයයි.. එයාල ලොකු වෙද්දි ඔයාට කොච්චර ඕනේ උනත් එකට තුරුල් වෙලා නිදාගන්න එයාල එන්නේ නැ.ටික ටික ලොකු වෙද්දි එයාලට ඕනේ වෙනවා තනියම ඇඳක්, තනි කාමරයක්..
ඒ නිසා පුළුවන් කාලේ හැකි උපරිමයෙන් එයාලව ලං කරගෙන නිදාගන්න.. ඔවුන්ගේ හුස්ම ඔබට දැනෙන තරමටම ඔවුන් ලං කරගන්න..
ඇත්තටම ඊට වඩා හදවතට දැනෙන මොහාතක් නැති තරම්..
දරුවන්ගේ ළමා කාලය සහ ඔවුන්ගේ ඇසුර භුක්ති විඳින්න, අද ලෝකය අවසන් වීමට යනවා කියලා හිතාගෙන ඔවුන්ට ආදරය කරන්න..
මොකද දවසක් එනවා ඔයාගෙ තුරුලට එයාලා ලොකු වැඩි වෙන.. එදාට පසුතැවිලි නොවෙන්න, පුළුවන් කාලේ මතක ගොඩක් එකතු කරගන්න...
පරිවර්තනය හා සංස්කරණය ඩෙනිෂියා..
උපුටා ගැනීමකි...
Share This Article