ලේසියෙන් පහසුවෙන් වැඩ ටික කරගන්න කවුද අකමැති.. මෙන්න එහෙනම් උදව්වක්...
Wednesday, 10 January 2024 - 12:52 | Views - 414
ගොඩක් අය ඇහුවොත් කියන්නේ තියන වැඩ කරගන්න පැය 24 මදි කියලානේ... 

ඉතින් එහෙමයි කියලා අපිට කරන්න තියන වැඩ නවත්තන්න පුළුවන්ද..?

ඒත් මේ කියන්න යන්නේ අපේ වැඩ ලේසි කරගන්න හැකි තවත් ක්‍රමයක් ගැනයි.. තාක්ෂණය නිසා අපේ ගොඩක් දේවල් අද අපට ලේසි කරගන්න පුළුවන් වෙලා තියනවා... ඒ නිසාම තමගේ වැඩ කාර්‍යක්ෂමව වගේම සාර්ථකව කරගන්නත් පුළුවන් කියලා ඔබ නිකමට වත් හිතුවාද...? ඒ ගැන ඒ තරම් හිතුනේ නැත්නම්, මෙන්න මේ දේවල් ගැන ඔයාත් දැනගන්නකෝ... ඉතින් වැඩ ලේසි කරගන්න පාවිච්චි කරන Productivity & AI tools වගේ දේවල් කිහිපයක් ගැන තමයි මේ කියන්න යන්නේ.. සමහරට විට මේ දේවල් ඔයාට උපකාරී වෙයි...

1. GPT 4.0

මේ Tool එක ගැන නම් ගොඩක් අය අනිවාර්යෙන් මේ වෙද්දි දන්නවා ඇති කියලා මම හිතනවා, මම එදිනෙදා කරන ගොඩක් task මේ tool එක පාවිච්චි කරලා, ඉතාමත් සුළු කාලයක් ඇතුළත කරගන්න මට පුලුවන් වෙලා තියෙනවා, හරියට assistant කෙනෙක්ගේ සහය අපේ වැඩ වලට ගන්නවා වගේ.

2. WalletApp

අපිට විවිධාකරයේ විදියට income & expenses තියෙන්න පුලුවන්නේ, සමහර අය මේ ආදායම් & වියදම් පොත් වල note කරගෙන මාසේ අන්තිමට ගණන් හදලා බලන්න පුරුදු වෙලා ඉන්නවා. මම පෞද්ගලිකව මට ආදායකමක් හෝ වියදමක් සිද්ධ වුණු ගමන් ඒක WalletApp එකෙ note කරන්න මාස කිහිපයක ඉඳන් පුරුදු වෙලා ඉන්නවා. මෙතනදි අපිට ලේසියෙන්ම අවශ්‍ය වුනාම අපි වැඩියෙන්ම වියදම් කරලා තියෙන්නේ මොනවටද, වියදම් කරන දේවල් අඩු කරගන්න අවශ්‍යනම් limitation වගේ දේවලුත් මේ app එක හරහා setup කරගැනිමේ හැකියාව තිබෙනවා.

3. Notion

Task management, project tracking, to-do list manage කරන්න වගේ බොහෝ වැඩ වලට ඉතාම සරලව සහ පහසුවෙන් කරගන්න පුලුවන් Productivity tool එකක් විදියට Notion හඳුන්වා දෙන්න පුලුවන්. අවශ්‍යනම් Notion AI භාවිතා කර සමහර කාර්යයන් තවත් කාර්යක්ෂම කර ගැනිමේ හැකියාවත් පවතිනවා.

4. Claude AI

Documents වල තියෙන විස්තර summarize කරගන්න භාවිතා කරන්න පුලුවන් හොඳ tool එකක්.

5. Feedly

මම interested topic වල updates බලාගන්න පාවිච්චි කරන සේවාවක් Feedly කියන්නේ, Feedly වල අපි කැමති topic ගැන කතාවෙන website, blogs වැනි දේවල් follow කිරිමට අවස්ථාව ලබාදෙනවා.

ඔයාලත් අනිවාර්යෙන් මේ වගේ වැඩ ලේසි කරගන්න විවිධාකරයේ ක්‍රම භාවිතා කරනවා ඇති, ඒවා ගැනත් විස්තරයක් commnet එකකින් දාන්න අමතක කරන්න එපා, මම ඉහත කතා කරලා තියෙන සමහර tools ඔයාට free භාවිතා කරන්නත් හැකියාව තිබෙනවා.

....මුහුණුපොත ඇසුරෙන්...
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top