'' අවලෝකිතේෂ්වර බෝධිසත්ව' ට මානසික ප්‍රථිකාරයි ඕනෑ... '' (Video)
Wednesday, 10 January 2024 - 11:08 | Views - 722
up date..

“අවලෝකිතේශ්වර“ ලෙස පෙනී සිටින පුද්ගලයා සිය කුඩා දරුවාද අපයෝජනයට ලක් කළ අයෙක් බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අනාවරණය කළා.

අද(10) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ පෙන්වා දුන්නේ, මානසික විකෘතිතාවයෙන් පෙළෙන මෙවැනි පුද්ගලයින් වහාම මානසික ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවයි.

 කෙසේ වෙතත් , බුදු දහම විකෘති කරමින් විවිධ දේශනා පැවැත්වූ “අවලෝකිතේශ්වර“ නමින් පෙනී සිටින පුද්ගලයාගේ ක්‍රියා කලාපය මේ වන විට සමාජයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ද මේ පිළිබඳ කරුණු අනාවරණය කළේ එවැනි පසුබිමකයි. 




-----------------------------------------------------------------------

'අවලෝකිතේෂ්වර බෝධිසත්ව' නමින් බුදු සසුනට හානි වන ලෙස හැසිරෙන මහින්ද කොඩිතුවක්කු නම් පුද්ගලයෙක් සම්බන්දයෙන් අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.


2024 ජනවාරි 01 වෙනිදා විදේශයක සිට පැමිණි මොහු විසින් නොයෙක් ස්ථානවලට යමින් එම ස්ථානවල සිටින ජනතාවගේ වන්දනාවට ලක්වන ආකාරයේ වීඩියෝ පට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ආගමික පැමිණිලි අංශය හරහා පරීක්ෂා කොට නීතිය ක්‍රියාත්මක කිරීමටත්, අධිකරණ නියෝගයක් හරහා මොහුට අවශ්‍ය මානසික ප්‍රථිකාර සදහා මානසික රෝහලටකට යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමිනුයි අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top