'' අවලෝකිතේෂ්වර බෝධිසත්ව' ට මානසික ප්රථිකාරයි ඕනෑ... '' (Video)
up date..
“අවලෝකිතේශ්වර“ ලෙස පෙනී සිටින පුද්ගලයා සිය කුඩා දරුවාද අපයෝජනයට ලක් කළ අයෙක් බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අනාවරණය කළා.
අද(10) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ පෙන්වා දුන්නේ, මානසික විකෘතිතාවයෙන් පෙළෙන මෙවැනි පුද්ගලයින් වහාම මානසික ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවයි.
කෙසේ වෙතත් , බුදු දහම විකෘති කරමින් විවිධ දේශනා පැවැත්වූ “අවලෝකිතේශ්වර“ නමින් පෙනී සිටින පුද්ගලයාගේ ක්‍රියා කලාපය මේ වන විට සමාජයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ද මේ පිළිබඳ කරුණු අනාවරණය කළේ එවැනි පසුබිමකයි.
-----------------------------------------------------------------------
'අවලෝකිතේෂ්වර බෝධිසත්ව' නමින් බුදු සසුනට හානි වන ලෙස හැසිරෙන මහින්ද කොඩිතුවක්කු නම් පුද්ගලයෙක් සම්බන්දයෙන් අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
2024 ජනවාරි 01 වෙනිදා විදේශයක සිට පැමිණි මොහු විසින් නොයෙක් ස්ථානවලට යමින් එම ස්ථානවල සිටින ජනතාවගේ වන්දනාවට ලක්වන ආකාරයේ වීඩියෝ පට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ ආගමික පැමිණිලි අංශය හරහා පරීක්ෂා කොට නීතිය ක්‍රියාත්මක කිරීමටත්, අධිකරණ නියෝගයක් හරහා මොහුට අවශ්‍ය මානසික ප්‍රථිකාර සදහා මානසික රෝහලටකට යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමිනුයි අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවේ.