2024 වසරේ රාජකීයෙකුගේ පළමු පැමිණීම වාර්තා කරමින් , ඈන් කුමරිය අද මෙරටට.. (Photos)
Wednesday, 10 January 2024 - 10:54 | Views - 423
3 වන චාල්ස් රජුගේ එකම සොහොයුරිය වන ඈන් කුමරිය අද මෙරටට පැමිණීමට නියමිතයි... ශ්රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්යත්රාන්තික සබඳතා ආරම්භ කර වසර 75ක් ගතවීම නිමිත්තෙන් ඈන් කුමරිය සහ ඇගේ සැමියා වන ශ්රීමත් තිමති ලෝරන්ස් තෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි..ඇය මෙම රාජ්යත්රාන්තික ගමනට සමගාමීව මහනුවර සහ යාපනයේ ද සංචාරය කිරීමට ද නියමිතයි..එසේම ඇය ජනාධිපති රනිල් වික්රමසිංහ සමඟද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා..1995 වසරේදී ද ඇය මෙරටට පැමිණි අතර ඈන් කුමරියගේ මෙරට සංචාරය මෙම වසරේ 2024 රාජකීය පවුලේ සාමාජිකයෙකු සිදු කරන පළමු විදෙස් සංචාරය වීමද විශේෂත්වයක්..



Share This Article