දිව්‍යලෝකයට ඉක්මණින් යන්න සැරසුණු 30ක් හඳුනාගෙන..
Wednesday, 10 January 2024 - 9:27 | Views - 1,082
දිව්‍යලෝකයට යාම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස මතවාදයක් ප්‍රචාරය කරමින් හත්දෙනකුට දිවි නසාගන්නට පෙලඹ වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ මිසදිටු කල්ලියට සෘජුවම සම්බන්ධ වූ තිස්දෙනකු ගැන දැනට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

පොලිසිය හා බුද්ධි අංශ එක්ව අරඹා ඇති විමර්ශනයකට අනුව මෙම පිරිස හඳුනාගෙන ඇති අතර එම පිරිසට ගිහියන්ට අමතරව භික්ෂුන් කිහිපදෙනකුද සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

බෞද්ධ දර්ශනය යැයි හුවාදක්වමින් රුවන් ප්‍රසන්න නමැත්තා පොළොන්නරුව හා අම්බලන්ගොඩ ප්‍රදේශවල වසර දහයක් පමණ මිථ්‍යාව වපුරමින් පුද පූජා පවත්වා ඇති බව විමර්ශන වලදී හෙළිවී තිබෙනවා.

දැනට ඔහුගේ ප්‍රධාන අනුගාමිකයන් ලෙස හඳුනාගත් තිස්දෙනකු ඔවුන් අන්තවාදී මතවලින් මුදා ගැනීමේ වැඩපිළිවෙළක් අරඹා ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම නිවේදනයක් නිකුත් කරමින් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ඇතැම් පුද්ගලයින් විසින් ආගමික ඉගැන්වීම් විකෘති කරමින්, සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියාවන්ට එරෙහිව නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් ද පත් කළ බවයි.

මේ අතර, බහුතරයක් ජනතාව මෙම මිථ්‍යා මත පසුපස නොගිය ද, ඉතා සුළු පිරිසක් එවැනි පුද්ගලයින්ට හසුවීමේ ප්‍රවණතාවයක් පවතින බැවින්, එම මතවාදයන්ට හසු නොවන්නැයි මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top