දුලාංජලීගේ ඝාතනයේ සැකකරු අවසානයේ කරලා තියෙන දේ ඇහුවොත් ඔබටත් පුදුම හිතෙයි...
මේ පුවත අසන කාගේත් හද කම්පා වෙනවා..
ඊයේ සවස කහතුඩුව ප්‍රදේශයේ සිදුවුණ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනා කතා කරනවා...
ඒ සිද්ධියේ සැකකරු කවුද..? මොකද්ද මේකට හේතුව..?
ගොඩක් දෙනෙක් එම කතාවට පස්සේ සෙව්වේ අන්න ඒ දේවල් ගැන... පිළියන්දල මඩපාත ජබුරලිය පදිංචිව සිටි මාපිටියගේ දුලාංජලී අනුරුද්දිකා නමැති 42 එක්දරු මවක් මෙලෙස ඊයේ ඝාතනය වූ අතර, ඇය ගුවන් සේවා නිලධාරිනියක් ලෙස සේවය කළ තැනැත්තියක්..
මෙම සිද්ධියේ ඝාතකයා පැමිණි මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ මූලික විමර්ශනවලදී එය අනුරාධපුර ප්‍රදේශයේ එකක් බවට මේ වන විට අනාවරණය වී තිබුණා.. අනියම් පෙම් සබඳතාවක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා..
එම පුද්ගලයා වීසා උපදේශන ආයතනයක් පවත්වාගෙන යන අයකු බවට තොරතුරු ද පොලිසියට ලැබී ඇති අතර, බම්බලපිටියේ පිහිටි ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණ ගොඩනැඟිල්ලක ඔහුගේ කාර්යාලය පිහිටා ඇති බව ද පොලිසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්...
ඇයට මන්නා ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ ඇගේ ගෙලෙන් ගලාගිය ලේ මාර්ගය පුරා විසිරී තිබූ බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ.. කෙසේ වෙතත් මේ වන විට ඊට අදාල සැකකරු මේ වන විට පොලිස් භාරයේ පසුවෙනවා..
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු රටින් පිටවීමට උත්සාහ කළ අවස්ථාවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ..