දුලාංජලීගේ ඝාතනයේ සැකකරු අවසානයේ කරලා තියෙන දේ ඇහුවොත් ඔබටත් පුදුම හිතෙයි...
Wednesday, 10 January 2024 - 9:11 | Views - 1,518
මේ පුවත අසන කාගේත් හද කම්පා වෙනවා..

ඊයේ සවස කහතුඩුව ප්‍රදේශයේ සිදුවුණ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනා කතා කරනවා... 

ඒ සිද්ධියේ සැකකරු කවුද..? මොකද්ද මේකට හේතුව..?

ගොඩක් දෙනෙක් එම කතාවට පස්සේ සෙව්වේ අන්න ඒ දේවල් ගැන... පිළියන්දල මඩපාත ජබුරලිය පදිංචිව සිටි මාපිටියගේ දුලාංජලී අනුරුද්දිකා නමැති 42 එක්දරු මවක් මෙලෙස ඊයේ ඝාතනය වූ අතර, ඇය ගුවන් සේවා නිලධාරිනියක් ලෙස සේවය කළ තැනැත්තියක්..

මෙම සිද්ධියේ ඝාතකයා පැමිණි මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ මූලික විමර්ශනවලදී එය අනුරාධපුර ප්‍රදේශයේ එකක් බවට මේ වන විට අනාවරණය වී තිබුණා.. අනියම් පෙම් සබඳතාවක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා..

එම පුද්ගලයා වීසා උපදේශන ආයතනයක් පවත්වාගෙන යන අයකු බවට තොරතුරු ද පොලිසියට ලැබී ඇති අතර, බම්බලපිටියේ පිහිටි ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණ ගොඩනැඟිල්ලක ඔහුගේ කාර්යාලය පිහිටා ඇති බව ද පොලිසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්...

ඇයට මන්නා ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ ඇගේ ගෙලෙන් ගලාගිය ලේ මාර්ගය පුරා විසිරී තිබූ බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ.. කෙසේ වෙතත් මේ වන විට ඊට අදාල සැකකරු මේ වන විට පොලිස් භාරයේ පසුවෙනවා..

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු රටින් පිටවීමට උත්සාහ කළ අවස්ථාවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ..


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top