මැතිසබයට එන අලුත් මුහුණ..
Tuesday, 09 January 2024 - 13:53 | Views - 916
චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්රී ධුරය සඳහා නයන වාසලතිලක පත්වනු ඇති බවට වාර්තා වනවා.
ඔහු 2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වූ අයෙක්.
කෙසේ වෙතත්, අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සිදුකළ අතර, ඊට අදාළ ලිපිය ද ඔහු විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදුන් බවද සඳහන් වුණා.
Share This Article