උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්..
Tuesday, 09 January 2024 - 13:45 | Views - 313
බදුල්ල දිස්ත්‍රක්කයේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන්, දැඩි මාර්ග අවහිරතා පවතින බව සඳහන්.
ඒ හේතුවෙන් උසස් පෙළ සිසුන්ට විභාගය ආරම්භ වීමට පෙර විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙස බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උදය කුමාර දැනුම් දීමක් සිදුකර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, කිසියම් මොහොතක මාර්ගය අවහිර වුවහොත් විකල්ප මාර්ග භාවිතා කරන විට අමතර කාලයක් ගතවීමට ඉඩ ඇති බවයි.
කෙසේ වෙතත්,මෙතෙක් බදුල්ල දිස්ත්‍රික්කයේ උසස් පෙළ විභාග කටයුතු ,කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට හැකි වී ඇති බව ද වාර්තා වී තිබෙනවා.
Share This Article