චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි!
Tuesday, 09 January 2024 - 12:16 | Views - 616
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ඔහු ඒ බව අද (09) පාර්ලිමේන්තුවේ සඳහන් කළා.
කෙසේ වෙතත්, ඔහු සිය අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලබා දී තිබෙන බවද සඳහන්.
එසේම, මැති සබයේ දී මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීම පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ මෙය සිය හෘද සාක්ෂියට එකඟව ලබාගත් තීරණය බවයි.
Share This Article