
නිවසක සුරතලයට ඇති කරන බලු පැටියෙකු අයිතිකරුට අයත් ඩොලර් 4000ක් වටිනා නෝට්ටු හපා විනාශ විනාශ කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා.
ශ්‍රී ලංකාවේ මුදලින් එය රුපියල් ලක්ෂ 12කට අධිකයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නිවසේ මේසයක් මත තිබුණු මුදල් නෝට්ටු සහිත ලියුම් කවරයක් බලු පැටියා මෙලෙස හපා විනාශ කර ඇති බවයි.
ඒ වැටක් සවි කිරීම වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවෙකුට ගෙවීමට තිබූ මුදල් බවටයි සඳහන්.
සුනඛයාගේ අයිතිකරු විදෙස් මාධ්‍ය සමග පවසා ඇත්තේ, තම ආදරණීය සුනඛයා ජීවිතයේ මිල අධිකම ආහාර වේල භුක්ති විඳින බව දුටු විට ඔවුන් විස්මයට පත් වූ බවයි.
මුදල් නෝට්ටු ආහාරයට ගත් 'සෙසිල්' නමැති එම බලු පැටියා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.
පසුව අයිතිකරු විසින් ඉරුණු ඇතැම් නෝට්ටු කැබලි එකතු කර බැංකුවට ලබාදී ඒ වෙනුවට නව නෝට්ටු ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

සටහන - උපුටා ගැනීමකි..
202 Views
96 Views
92 Views
163 Views
75 Views
51 Views
132 Views
215 Views
58 Views
95 Views
158 Views
191 Views
655 Views
75 Views
75 Views
71 Views
70 Views
68 Views