ජීවිතයේ මිල අධිකම ආහාර වේල භුක්ති විදි සුනඛයා..
Tuesday, 09 January 2024 - 11:04 | Views - 493

නිවසක සුරතලයට ඇති කරන බලු පැටියෙකු අයිතිකරුට අයත් ඩොලර් 4000ක් වටිනා නෝට්ටු හපා විනාශ විනාශ කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා. 

ශ්‍රී ලංකාවේ මුදලින් එය රුපියල් ලක්ෂ 12කට අධිකයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නිවසේ මේසයක් මත තිබුණු මුදල් නෝට්ටු සහිත ලියුම් කවරයක් බලු පැටියා මෙලෙස හපා විනාශ කර ඇති බවයි.

ඒ වැටක් සවි කිරීම වෙනුවෙන් කොන්ත්‍රාත්කරුවෙකුට ගෙවීමට තිබූ මුදල් බවටයි සඳහන්. 

සුනඛයාගේ අයිතිකරු විදෙස් මාධ්‍ය සමග පවසා ඇත්තේ, තම ආදරණීය සුනඛයා ජීවිතයේ මිල අධිකම ආහාර වේල භුක්ති විඳින බව දුටු විට ඔවුන් විස්මයට පත් වූ බවයි.

මුදල් නෝට්ටු ආහාරයට ගත් 'සෙසිල්' නමැති එම බලු පැටියා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. 

පසුව අයිතිකරු විසින් ඉරුණු ඇතැම් නෝට්ටු කැබලි එකතු කර බැංකුවට ලබාදී ඒ වෙනුවට නව නෝට්ටු ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. 
 


සටහන - උපුටා ගැනීමකි.. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top