ජංගම දුරකථන ගැන අමුතුම විදිහේ හෙළිදරව්වක් සමඟ විශේෂ නිවේදනයක්..
Tuesday, 09 January 2024 - 10:57 | Views - 512
ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වෙන්නේ පාරිභෝගිකයන් මිලදී ගත යුත්තේ ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව අනුමත කරන ලද ජංගම දුරකථන පමණක් බවයි.

පාරිභෝගිකයන් වංචා සඳහා හසුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන අතර එම ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ
බලාපොරොත්තු වන දුරකථනයට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ඇති බව තහවුරු කර ගැනීමට International Mobile Equipment Identity හෙවත් IMEI අංකය පරීක්ෂා කරන ලෙසයි.

IMEI අංකය යනු ' ' ජාත්‍යන්තර ජංගම උපකරණ අනන්‍යතාව '' යන්නයි. එය සියලුම සෛලීය උපාංග සඳහා යොදවා ඇති සුවිශේෂී 15-සංඛ්‍යාංක අංකයක්.

ජංගම දුරකථන ආවරණ කවරයේ IMEI අංකය පෙන්වන අතර IMEI (හිස්තැනක්) ඉලක්කම් 15 අංකය 1909 වෙත යැවීමෙන් IMEI අංකයේ වලංගුභාවය පරීක්ෂා කළ හැකි බවයි වාර්තා වෙන්නේ.

එවිට ජංගම දුරකථනය ලියාපදිංචි කර තිබේද නැද්ද යන්න පිළිබඳව එමගින් ක්ෂණික පිළිතුරු පණිවිඩයක් ලැබෙනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top