ගෘහණියන්ට ගොඩක් ම වැදගත් වෙන පුංචිම පුංචි රහස් ටිකක්..
Tuesday, 09 January 2024 - 10:19 | Views - 384

ඔබ ගෘහණියක් නම් මේ ලිපිය බොහෝම වැදගත් වේවි..
අපි ගෘහණියක් විදිහට හදන කෑම ජාති බොහොමත් ප්‍රියත්වයකින් කන්න හැමෝම කැමති නම් අපිට ඒ සතුටම ඇති නේද ?
ඉතින්, මේ කියන්න යන්නේ එහෙම කුස්සියට වෙලා ඒ වැඩවලට මහන්සි වෙන ඔයාලාට එදිනෙදා කුස්සියේ වැඩට වැදගත් වෙන , ඔයාලා දැනගෙනම ඉන්න ඕනේ , පුංචි පුංචි රහස් ටිකක් ගැන..
මෙන්න ඒ පුංචි රහස් ටික...
බාගෙට ගාපු පොල් අඩලේ වටේට ලුණු වතුර ගාන්න, පොල් අඩලේ පහු වෙනිදා වෙනකන් නරක් වෙන්නේ නෑ.
කඩෙන් ගෙනාපු එළවලු විනාකිරි වතුරෙන් හෝදන්න, එළවලුවල මතුපිට තියෙන රසායනික වර්ග ටික අයින් වෙනවා.
හොද්දේ ලුණු වැඩි වුණාම අල පෙත්තක් දාන්න , මේකෙන් ලුණු ගතිය ටිකක් අඩුවෙනවා.
ගෙදර තේ කොළ ටින් එකට එනසාල් කරාබු නැටි තුන හතරක් දාලා තියන්න , තේ සුවඳ වෙනවා.
කොළපාට එළවලු තම්බන කොට සීනි හැන්දක් දාන්න මේකෙන් එළවලුවල කොළ පාට ගතිය ටිකක් මතුවෙලා පේනවා.
කඩල කව්පි පරිප්පු වගේ ධාන්‍ය වර්ග අහුරලා තියෙද්දි රම්පෙ හෝ කරපිංචා කොළයක් දාලා තියන්න , ගුල්ලෝ ගහන්නේ නෑ.
කඩල තම්බන කොට සුද්ද කරපු පොල් කටු කෑල්ලක් දමන්න, කඩල ඉක්මණට තම්බෙනවා.
කරවල මාළු වගේ දේවල් හාල් සෝදපු වතුරෙන් එක පාරක් හෝදලා නැවත හොඳ වතුරෙන් හෝදන්න , පිළී ගඳ යනවා.
බත් එක ඇට්ට කුණා වුණාම කෙසෙල් කොළයකින් වහලා තියන්න , බත් එකේ ඇති හුමාල ගතිය නිසා අමු ඇට ටික තැම්බෙනවා.
Share This Article