දෙහිවල සත්වෝද්‍යානය ගැන අමුතුම අනාවරණයක්..
Sunday, 07 January 2024 - 8:05 | Views - 988
දෙහිවල සත්වෝද්‍යානයේ, තනිව තම කූඩු තුළ ජීවත්වන සත්වයින්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ජාතික විගණන කාර්යාලය නිර්ණය කළ ඇති වාර්තාවක මේ පිළිබඳව සඳහන්ව තිබෙනවා.
තම කූඩු තුළ තනිව ජීවත්වෙන සත්වයින් 15 දෙනෙකු, සහකරුවන් නොමැති සත්වයින් 35දෙනෙකු සහ සහකාරියන් නොමැති සතුන් 21ක් සිටින ලෙස මෙහිදී හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව, සතුන් තනිව ජීවත් වීම, හුදෙකලා වීම එම සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට වැඩි බලපෑමක් ඇති කළ හැකි බවයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
Share This Article