ඔයාටත් දැන් බදු අංකයක්.. බදු අංකය ගන්නේ මෙහෙමයි ?
Thursday, 04 January 2024 - 9:19 | Views - 1,054

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබා ගැනීම මාර්ගගතව (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන්ද සිදු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader වෙබ් අඩවියට පිවිස ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් ඒ සඳහාවන අයදුම්පත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.එම ඉල්ලීම සමාලෝචනය කිරීමෙන් පසුව බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) සඳහන් සහතිකයක් සහ එක්වරක් පමණක් භාවිතා කළ හැකි මුරපදයක් (PIN) අදාළ පුද්ගලයා විසින් ලබාදී ඇති ඊමේල් ලිපිනයට ලැබෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණ බදු අංකය ලබා ගැනීමේදී ඒ සඳහා වන ලියාපදිංචි අයදුම්පත සම්පූර්ණකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දෙවන මහලේ ප්‍රාථමික ලියාපදිංචි අංශයට හෝ යම් අයෙකුට ආසන්න දේශය ආදායම් දෙපාර්තමේන්තුවේ ඕනෑම ප්‍රාදේශීය හෝ නගර කාර්යාලයකට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා .මෙම බදු අංකය ලබාගැනීමේ අයදුම්පත ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් බාගතකර ( Downlod) පිටපතක් මුද්‍රණය කර ගැනීමට හැකියාව තිබෙනවා.එම නිසා එම අයදුම්පත ලබා ගැනීමට දේශය ආදායම් දෙපාර්තමේන්තුවට යෑමට අවශ්‍ය නොවන අතර එය දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් මාර්ගගතව ලබා ගැනීමේ හැකියාවද පවතින බව සඳහන් .මාර්ගගතව එනම් ඊ සේවාව හරහා බදු අංකය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමේදී ජාතකය හැඳුනුම්පතෙහි දෙපැත්තම ස්කෑන් කර එහි PDF පිටපතක් උඩුගත (UPLOAD) කළ යුතු අතර ජාතික හැඳුනුම්පතේ ඇති සහ දැනට පදිංචි ලිපිනයේ වෙනසක් ඇත්නම් එය සනාථ කිරීම සඳහා පිළිගත හැකි ලේඛනයක පිටපතක්ද උඩුගත (UPLOAD) කිරීමට කටයුතු කළ යුතු බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ.2027 ජනවාරි පළවෙනි දා සිට සෑම අවුරුදු 18 වැඩි අයෙකු විසින්ම බදු අංකයක් ලබා ගැනීම රජය මගින් අනිවාර්ය කර ඇති අතර මේ අංකය ගත් පමණින් කෙනෙක් බදු ගෙවීමට බැඳීමක් ඇති නොවෙයි.ඒ සඳහා බැඳීමක් ඇති වන්නේ වාර්ෂිකව රුපියල් ලක්ෂ දොළහට වඩා වැඩි ආදායමක් උපයන්නේ නම් පමණි.
Share This Article