සියදිවි නසා ගැනීමට මුල් වූ රුවන් ප්‍රසාද්ගේ දේශන පැවැත්වූ ප්‍රදේශ හඳුනා ගැනෙයි
Thursday, 04 January 2024 - 7:57 | Views - 1,244
බිරිඳ, දරුවන් ඇතුලු පුද්ගලයන් 6 දෙනෙකු සිය දිවි නසා ගැනීමට මුල් වූ බවට පැවසෙන මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නැමත්තා විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ආගමික දේශන පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ගාල්ල, අනුරාධපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ඔහු විසින් මෙම ආගමික දේශන පවත්වා ඇති බවටයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

මාලඹේ - කහන්තොට ප්‍රදේශයේදී මෙම පුද්ගලයා වස පානය කර සිය දිවි නසා ගත් අතර ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනාගේ මෙන්ම ආගමික දේශනවලට සහභාගී වූ තවත් දෙදෙනෙකු වස පානය කර සියදිවි හානි කර ගෙන තිබුණා.

කොට්ටාව - මාකුඹුර ප්‍රදේශයේ මහල් නිවාසයක ජීවත්ව සිටි 46 හැවිරිදි රුවන් ප්‍රසන්න ගුණරත්න නැමති මෙම පුද්ගලයා පසුගිය 28 වනදා වස පානය කර සියදිවි හානිකරගත් අතර ඔහුගේ අවසන් කටයුතුවලින් පසු බිරිඳ සහ දරුවන් තිදෙනාද වස පානය කර සියදිවි හානිකරගෙන තිබුණේ මාලඹේ - කහන්තොට ප්‍රදේශයේදීයි.

කෙසේ වෙතත් පසුව අනාවරණය වූයේ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමති මෙම පුද්ගලයා ආගමික දේශන පවත්වන පුද්ගලයෙකු බවටයි.

එහෙත් ඔවුන්ගේ සියදිවි හානිකර ගැනීමට හේතුවක් ද එම අවස්ථාවේදී අනාවරණය වී තිබුණේ නැහැ.

මේ අතර මහරගම දුම්රියපොළ පාර ප්‍රදේශයේ ලැඟුම්හලක තිබී වස පානය කර සියදිවි නසා ගත් පුද්ගලයෙකුගේ සිරුරක් ඊයේ (03) පොලිසිය සොයා ගෙන තිබුණා.

අම්බලන්ගොඩ වතුගෙදර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස සියදිවි හානි කර ගෙන තිබුණේ.

එමෙන්ම යක්කල - රාපල්වත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක්ද වස පානය කර ගෙන සියදිවි හානි කර ගෙන තිබුණා.

පොලිසිය දැනට අනාවරණය කර ගෙන ඇත්තේ මෙම දෙදෙනාම රුවන් ප්‍රසන්න ගුණරත්න නැමති පුද්ගලයාගේ දේශනවලට සහභාගී වූ පුද්ගලයින් බවටයි.

එමෙන්ම ඔවුන් රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ අවමගුල් කටයුතුවලටද සහභාගී වී තිබෙනවා.

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ රුවන් ප්‍රසන්න ගුණරත්නගේ දේශනාවලට සහභාගී වූ අය තම නිවෙස්වල සිටින්නේනම් ඔවුන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top