උසස් පෙළ - අද සිට
Thursday, 04 January 2024 - 7:26 | Views - 359
අ.පො.ස උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වන අතර, ලබන 31 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සියලුම සිසුන් පැය භාගයකට පෙර විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටිනවා.

මෙම විභාගය මධ්‍යස්ථාන 2,300ක දී පැවැත්වෙන බවයි සඳහන් .

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බාධාවකින් තොරව උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ වැඩපිළිවෙලක් සැලසුම් කර තිබෙනවා.

ඊට අදාළ සාකච්ඡාවක් පසුගිය (02) වැනිදා ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා.

ඒ අනුව, විශේෂ සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ඒ වෙනුවෙන් සකස් කර ඇති අතර අදාළ මාර්ගෝපදේශ නියමිත අංශ වෙත යොමුකර තිබෙනවා.

සිසුන්ට, අයහපත් කාලගුණය හේතුවෙන් මුහුණපෑමට සිදුවන බාධා මඟ හරවා ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 අංකය ඇමතිය හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top