වසර මුලම උඩ ගිය මිල.. ගණන් ඇහුවාම කලන්තේ හැදෙනවා...
Tuesday, 02 January 2024 - 9:12 | Views - 1,205
හොද්දක් බතක් උයාගෙන නිදහසේ කන්න පුළුවන් රටක ද අපි මේ දැන් ඉන්නේ කියලා මේ කතාව ඇහුවාම ඔබටත් හිතේවි..
මස්, මාළු, බිත්තර ගණන් ගැන ගොඩක් වෙලාවට එක එක කතා ඇහුනා. ඒ අස්සේ මෙන්න එළවලුත් දැන් මසුරන් වගේ ගණන් ලු...
ඉතිහාසයේ පළමුවරට වාර්තාගත අන්දමින් එළවලු මිල ඉහළ ගොස් ඇති බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි ප්‍රකාශ කරනවා...
අද වනවිට කැරට් කිලෝවක තොග මිල රුපියල් 750 දක්වා ඉහළ ගොස් ඇති අතර, බීට්රූට් කිලෝව රුපියල් 380කටත්, ගෝවා කිලෝව රුපියල් 500 දක්වාත්, බෝංචි කිලෝව රුපියල් 600 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා...
එමෙන්ම ලීක්ස්, තක්කාලි ඇතුළු අනෙකුත් එළවලුවල මිලද තවදුරටත් ඉහළයමින් පවතින බවයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ..
මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින් එළවලු මිල දී ගැනීමෙන් වැළකී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා..
Share This Article