ඔන්න දැන් කරදරයක් නැතුවම, ඒ දිනෙත් කළින්ම බලා ගන්න පුළුවන්...
Friday, 22 December 2023 - 12:14 | Views - 1,161
පුද්ගලයෙකු මිය යන දිනය ප්‍රකාශ කිරීම සඳහා ගණිතමය මොඩලයක් නිර්මාණය කිරීමට අමෙරිකාවේ සහ ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබෙනවා...
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙය life2vec නම් කෘත්‍රිම බුද්ධි ආකෘතියක් ලෙස නිර්මාණය කරන ලද්දක් බවයි...

ඒ අනුව මෙම නවතම නිර්මාණය 78%ක් සාර්ථක වී ඇති බවයි එම විද්‍යාඥයන් සඳහන් කර ඇත්තේ...

ඇල්ගොරිත ගණිත ක්‍රමවේදය අනුව අනාවැකි පළ කරන life2vec මෙවලම කෘත්‍රිම බුද්ධියේ නවතම භාවිතය වන chatbot ආකාරයෙන් ක්‍රියාත්මක වෙන බවයි වාර්තා වන්නේ..

කෙසේ වෙතත් , අදාළ මොඩලය යොදා ගනිමින් පුද්ගලයන් මිලියන 6කගේ අතිවිශාල දත්ත සංඛ්‍යාවක් ඇතුළත් කරමින් පර්යේෂණ සිදු කර තිබෙනවා..

මෙලෙස ආදායම, වෘත්තිය, පදිංචි ස්ථානය, විවිධ රෝගාබාධ සහ ගැබ් ගැනීමේ ඉතිහාසය ඇතුළුව දත්ත එම මොඩලයේ තැන්පත් කරමින් සිදු කර ඇති පර්යේෂණ සාර්ථක මට්ටමේ පවතින බවයි අනාවරණය වන්නේ..

පර්යේෂණ සිදු කිරීමේදී අදාළ මොඩලයට 2020දී මිය ගිය පුද්ගලයන් පිරිසකගේ 2008 සිට 2016 දක්වා දත්ත ඇතුළත් කර ඇති අතර ඔවුන් 2020 වසරේදී මිය යන බව එම මෙවලම නිවැරැදිව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top