ලෝකෙටම ඉන්නේ හතයි ! අමුතු කිඹුල් විශේෂයක්.. (Photos)
Saturday, 09 December 2023 - 11:51 | Views - 791
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයේ ඔර්ලන්ඩෝ ප්රදේශයේ ගැටර්ලන්ඩ් වනජීවී උද්යානයේදී අතිශය දුර්ලභ කිඹුලියක් උපත ලබා තිබෙනවා.විදෙස් වාර්තාවලට අනුව, 49cm (අඟල් 19.2) ප්රමාණයෙන් යුත් ගැහැණු උරගයා ලොව සිටින ලියුසිස්ටික් කිඹුලන් හත් දෙනාගෙන් එක් කෙනෙක්. එසේම, ලියුසිස්ටික් කිඹුලන් කියලා කියන්නේ, අමෙරිකානු කිඹුලන්ගේ හරිම දුර්ලභ ජානමය වෙනස්වීමක් නිසා උපදින සත්ව විෂේශයක්.ඔවුන් රෝස පැහැති ඇස් ඇති සහ වර්ණක සම්පූර්ණයෙන්ම නැති වී ඇති ඇල්බිනෝ කිඹුලන්ගෙන් ද වෙනස් වෙනවා. ලියුසිස්ටික් කිඹුලන් සුදු පැහැති හමකින් යුතු වුණත්, එය ඇස්වලට බලපාන්නේ නැති නිසා එම සත්වයින්ගේ ඇස් කළු පැහැයෙන් යුතු වනවා.


Share This Article