ලොව උසම ගොඩනැගිල්ලටත් වඩා උස කන්දක් මුහුදු පත්ලේ.. (Photos)
Tuesday, 28 November 2023 - 12:11 | Views - 987
ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල ලෙස වාර්තා අතරට ගිය අඩි 2,722ක් වන බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලටත් වඩා උස කන්දක් මුහුදු පතුළෙන් හමු වි ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.මුහුදු පතුළෙන් හමු වී ඇති එම කන්දේ උස අඩි 5,249ක් ලෙස වාර්තා වෙනවා. සාගර පර්යේෂණ ආයතනයක් වන ෂ්මිත් හි විද්යාඥයන් පිරිසක් විසින් නව තාක්ෂණික උපකරණ භාවිතයට ගනිමින් ස්කෑන් කරමින් සිටින අතරතුර මෙම සොයා ගැනීම සිදු කර ඇති අතර එය සොයා ගෙන ඇත්තේ ලතින් ඇමෙරිකා රාජ්යයක් වන ගෝතමාලාවට ඔබ්බෙන් සාගර පතුළ තුළදී යි. කෙසේ වෙතත්, මෙම සාගර පර්යේෂණ ආයතනයේ විද්යාඥයන් සාගර පතුළ ගවේෂණය කරන්නේ ෆොල්කෝර් නමැති නැවේ ආධාරයෙනි.පසුගිය මාස 06ක කාලයේ විද්යාඥයන් මෙම නැව ආධාරයෙන් සාගරය ගවේෂණය කරමින් නව සොයා ගැනීම් 09ක් ගැන වාර්තා කර ඇති බවද සඳහන්.


Share This Article