ඩොල්ෆින්ලා කරන අමුතුම වැඩේ, පුදුම හිතෙනවා නේද ? (Photos)
Saturday, 25 November 2023 - 12:13 | Views - 809
බටහිර ඕස්‌ට්‍රේලියාවේ කකුළුවන් අල්ලා ගැනීම සඳහා පුද්ගලයන් මුහුදට දමන කකුළු උගුල්වල තිබෙන ඇම ඩොල්ෆින් මත්ස්‍යයින් කණ්ඩායමක් බුද්ධිමත් ලෙස සොරකම් කරන අයුරු ප්‍රථම වරට මුහුද යට කැමරාවලට හසු වී ඇත.

මේ වනවිට එම උගුල් මුහුදට දමන පුද්ගලයන්ගේ බුද්ධිය අභිබවා යාමට ඩොල්ෆින් මත්ස්‍යයින් සමත් වී ඇතැයි වනජීවී සංරක්ෂකයන් පවසයි.

පර්ත් නගරයට කිලෝමීටර් 160 දකුණින් කූඹානා බොක්කට ඔබ්බෙන් මුහුදේ ඩොල්ෆින් මත්ස්‍යයින් මෙලෙස සොරකමේ යෙදෙන බව පැවැසෙයි.

කකුළු උගුල් වල අමුණා දමන ඇම ඩොල්ෆින් මත්ස්‍යයින් බුද්ධිමත් ලෙස දිග නහය දමා කොක්කෙන් වෙන් කර ගන්නා අයුරු මෙලෙස රූප රාමුවලට හසුවී ඇත.

මෙම සොරකම වැළැක්වීම සඳහා කකුළු උගුළු වලට යටකර සහ පෙට්ටි වල දමා ඇම දැමීමට කකුළුවන් අල්ලන පුද්ගලයන් කටයුතු කර ඇතත් ඩොල්ෆින් මත්ස්‍යයින් කකුළු උගුල් පෙරළා දමා සහ පෙට්ටි විවෘත කර ඇම සොරා ගැනීමට ඉතාමත් ඉක්මණින් ඉගෙන ගෙන තිබෙන බව විශේෂඥයන් පවසයි.

එහිදී ඩොල්ෆින් මත්ස්‍යයින් එකම අයුරින් කකුළු උගුල් විවෘත කර නොගන්නා බවද හෙළි වී ඇත.

ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ මෙම හැසිරීම මීට වසර දෙකකට පෙර වනජීවී සංරක්‍ෂක රොඩ්නි පීටර්සන් දැක ඇති අතර එහිදී ඩොල්ෆින් මත්ස්‍යයින් එම උගුල්වල පැටලේ යැයි සහ ඇමට තිබෙන මත්ස්‍යයින් කා ලෙඩ වේ යැයි බියෙන් බන්බරි නගරයේ ඩොල්ෆින් මධ්‍යස්ථානයට දැනුම් දී තිබේ.

එහිදී එම සතුන්ගේ ක්‍රියාවන් පටිගත කිරීම සඳහා කැමරා 5 ක් මුහුද යට සවිකර ඇත.

එම කැමරා වලට ඩොල්ෆින් සතුන්ගේ මෙම සොරකම හසුවී තිබේ. 






Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top