2040 වසර වන විට සඳ මත ඉදිවෙන නිවාස..
Friday, 20 October 2023 - 15:53 | Views - 451
ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය 2040 වසර වන විට සඳ මත නිවාස ඉදි කිරීමට සැලසුම් කරමින් සිටින බව නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කරනවා.

මේ වන විට චන්ද්‍ර පෘෂ්ඨය මත ගගනගාමීන් පැය 75 කට වඩා වැඩි කාලයක් ගත කරන අතර නාසා ආයතනය පවසන්නේ එම කාලය තවත් වැඩි කිරීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරමින් පවතින බවයි.

සඳ මතට 3D මුද්‍රණ යන්ත්‍රයක් යවා ඉන් අනතුරුව සඳෙහි ආවාටවල මතුපිට ඉහළ ස්ථරයේ ඇති පාෂාණ සහ ඛනිජ වලින් සාදන ලද කොන්ක්‍රීට් භාවිතයෙන් සඳ මත නිවාස සඳහා වූ ආකෘතීන් සෑදීම නාසා හි සැලසුම වී තිබෙනවා.

මෙම මුද්‍රණ යන්ත්‍රය 2024 වසරේ නොවැම්බරයේ දී සඳ වටා කක්ෂගත කිරීමට අපේක්ෂා කරන Artemis යානය හරහා එය සඳ මතට යවන අතර දැනට එය පරික්ෂා කරමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මෙලෙස සකස් කරන 3D නිවාස සඳෙහි අධික උෂ්ණත්ව වෙනස්වීම් වලට සහ විකරණ වලට ඔරොත්තු දිය හැකි වන බවත්, එහි හානිකර දූවිලි වලින් ජීවයට එල්ල වන බලපෑම අවම කළ හැකි බවත් නාසා ආයතනය සඳහන් කරනවා.

මෙම වැඩසටහන සඳහා නවීන තාක්ෂණය සහ පිළිගත් විශ්වවිද්‍යාල මෙන්ම වෙනත් පෞද්ගලික ආයතන හවුල් වී තිබෙන බවයි විදෙස් පුවත් තව දුරටත් සදහන් කරන්නේ.. 





Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top