Rui Bao , Hui Bao කවුද මේ දෙන්නා ගැන දන්නේ ? (Video)
Sunday, 15 October 2023 - 7:38 | Views - 585
දකුණු කොරියානු සත්වෝද්යානයක අලුත උපන් යෝධ නිවුන් පැන්ඩා පැටවුන්ගේ නම් ප්රථමවරට එළි දක්වා තිබෙනවා.
මෙය සිදුකර ඇත්තේ එම සත්වෝද්යානයේ 100වැනි සංවත්සරය මුල්කොට ගෙනයි.
මොවුන්ට චීන භාෂාවෙන් නම් තබා ඇති අතර, පළමුවැන්නා චීන භාෂාවෙන් Rui Bao හෙවත් "ප්රඥාවන්ත නිධානය" ලෙසත් දෙවන පැටවා Hui Bao හෙවත් "දිදුලන නිධානය" යන අරුතෙන් මොවුන් නම් කර තිබෙනවා.
මේ අතර සමාජ මාධ්ය නාලිකා වෙතින් පොදු නම් කිරීමේ උත්සවයක් හරහා මෙම නම් තෝරාගෙන ඇති අතර, නාම යෝජනා 40,000කට අධික ප්රමාණයක් ඉදිරිපත් කළ බවයි එම සත්වෝද්යානය සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, 1950 සිට චීනයේ තම කළු සහ සුදු තානාපතිවරුන් විදේශයන්හි යවා ඇත්තේ 'පැන්ඩා රාජ්ය තාන්ත්රිකත්වය' ලෙස හඳුන්වනු ලබන සාමයේ සලකුණක් ලෙසයි.
Share This Article