වසර 128 මල් ශාලාවක සිටි අමුතු මිනිසෙකුගේ, අවසන් ගමන.. (Photos)
Saturday, 14 October 2023 - 11:56 | Views - 554
අමුතුම කතාවක්... සිද්ධිය මෙහෙමයි දිගහැරෙන්නේ..

ව්‍යාජ නමකින් පෙනී සිට, 1895 වසරේ සිරගෙදරකදී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් මමියක් ලෙස, මල් ශාලාවක වසර 128ක් පුරා තැන්පත් කර තිබෙනවා.

මොහුගේ සත්‍ය නාමය වී ඇත්තේ ජේම්ස් මර්ෆිය.

මමියක් ලෙස තැන්පත් කර තිබූ මෙම සිරුර මෙතෙක් කල් හඳුන්වා දී තිබුණේ ස්ටෝන්මන් විලී (Stoneman Willie) ලෙසය.

ඊට එම නම ලැබී ඇත්තේ සිරුරේ සම ඝනව පැවැතීම හේතුවෙන් බවයි වාර්තාවල සඳහන් වන්නේ.

එසේම,මෙම සිරුරට හිමිකම් කියන, ජේම්ස් මර්ෆි අයර්ලන්ත සම්භවයක් ඇති තැනැත්තෙකු වනවා. තවද , මොහු මත්පැන් පානයට ලොල්ව ඇති බවත් 1895 නොවැම්බර් මස 19 වනදා වකුගඩු අකර්මණ්‍ය වීමෙන් සිරගෙදරදී මිය ගොස් ඇති බවත් වාර්තා සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, මියයන විට ඔහු 37 හැවිරිදි වියේ පසු වී ඇති අතර ඔහුව සිරගත කර ඇත්තේ ගැට කපන්නෙකු බවට චෝදනා එල්ල වීමෙන් පසුවයි.

ඔහුගේ පියා අයර්ලන්තයේ ධනවත් පුද්ගලයෙකු බවත් පියාට ලැජ්ජා කිරීමට අකමැති වූ බැවින් මෙලෙස ව්‍යාජ නමක් ලබා දී ඇති බවත් ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත්, ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ මල් ශාලාවක වසර 128ක් පුරා තැන්පත් කර තිබූ මළ සිරුර සිද්ධියෙන් අනතුරුව ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් පසු, අවසන් ගෞරව දක්වා භූමදානය කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ පෙන්සිල්වේනියාවේ රීඩිං නගරයේ සුසාන භූමියක වන අතර, එම සොහොන් ගලෙහි 'Stoneman Willie' ලෙස විශාල අකුරෙන් කැටයම් කර තිබූ බවද සඳහන්.

තවද එම සොහොන් ගලෙහිම , ඔහුගේ නිවැරදි නම ඊට පහළින් කුඩා අකුරෙන් කැටයම් කර තිබු බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

No description available.

No description available.

No description available.

No description available.

No description available.



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top