සයිකේ 16 ගවේෂණය - කල් යයි
Saturday, 30 September 2023 - 13:51 | Views - 719
විශ්වයේ ඇති වටිනාම ග්‍රහ වස්තුවක් ලෙස සැළකෙන සයිකේ 16 ගවේෂණය නාසා ආයතනය ලබන මස 12 වනදා දක්වා කල් දමා තිබෙනවා.

ඒ සයිකේ 16 වෙත දියත් කෙරෙන යානයේ පියාසර මෘදුකාංගයේ ගැටළුවක් හේතුවෙන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එය ස්පේස් එක්ස් ෆැල්කන් රොකට්ටුවක් මගින් දියත් කිරීමට සූදානම් කර තිබුණේ ලබන මස 5 වනදා කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්.

අඟහරු සහ බ්‍රහස්පති අතර ප්‍රධාන ග්‍රහක තීරයේ පවතින මෙම ලෝහමය ග්‍රහකය කිලෝමීටර 280 ක පළලින් යුක්ත වනවා.

එය සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වන අවස්ථාවේදී ඇතිවූ හැල හැප්පීම්වලදී නිර්මාණය වී ඇති බවටයි විද්‍යාඥයන් විශ්වාසය පළ කරන්නේ.

සයිකේ ලෙස නම් කර ඇති අභ්‍යවකාශ යානය 2029 වසරේදී එම ග්‍රහකය ආසන්නයට ගමන් කරනු ඇති බවයි නාසා ආයතනය සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top