OnlyFans වෙබ් අඩවිය දැන් භාවිතා කරන්නේ වෙන වැඩකට.. ඔයාලත් දන්නවාද බලන්න මේක ?
මේ දිනවල කැම් ශෝ එහෙමත් නැත්නම් අන්තර්ජාලය හරහා නිරුවත පෙන්වීමෙන් මුදල් හම්බ කිරීම ගැන කතා බහට ලක් වෙනවා.
ආසන්නතම සිදුවීම විදිහට මෙලෙස අන්තරජාලය හරහා පාසල් සිසුන්ට නිරුවත පෙන්වා මුදල් සෙවූ කාන්තාවන් කිහිප දෙනෙකුම පොලිස් අත්අඩංගුවට ගන්න පොලීසිය සමත් වෙලා.
කොහොම හරි අන්තර්ජාලය හරහා නිරුවත පෙන්වීමත් එක්ක කතා බහට ලක් වෙන්නේ ඔන්ලි ෆෑන්ස්.
කොම්(OnlyFans) වෙබ් අඩවිය.මුල්කාලීනව මෙම වෙබ් අඩවිය සකසා තිබුනේ තමන් සතු හැකියාවක් හරහා මුදල් සෙවීමට.ඒ කියන්නේ ඔබ සතු දක්ෂකමක් තව කෙනෙකුට පෙන්නලා මුදල් සෙවීම.නමුත් පසුගිය කොරෝනා කාලය තුල මේ දේ අනිත් පැත්ත හැරුනා.ඒ ලිංගිකත්වය තුලින් මුදල් සෙවීමට මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමත් එක්ක.බ්රිතාන්ය මූලික කරගත් මෙම වෙබ් අඩවිය දැන් දැන් ලෝකය පුරාම වැඩිපුර භාවිතා වෙන්නේ ලිංගිකත්වය හරහා මුදල් සෙවීමටයි.මෙහි භයානක පැත්ත නම් මෙම වෙබ් අඩවිය හරහා මෙම දර්ශන නැරඹීමට බාලවයස්කරුවන් නැඹුරුව සිටින බවට බීබීසීය සොයාගෙන තිබෙනවා.මේ අතරම ලංකාවේ කාන්තාවන් මෙම වෙබ් අඩවිය හරහා මුදල් සෙවීමත් කරන බවට දැන් දැන් ආරංචි වෙනවා.
