ලොවම කළඹමින් පාර්ලිමේන්තුවෙන් එළියට ආවේ පිටසක්වල ජීවින් ද?
Thursday, 14 September 2023 - 13:57 | Views - 839
මෙක්සිකෝවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කුඩා අසාමාන්‍ය සිරුරු පිටසක්වළයන්ගේ යැයි සෘජුව ප්‍රකාශ කිරීම වැරදි යැයි ඇමෙරිකාවේ චිකාගෝ නුවර මහාචාර්ය ජෝඩන් බ්‍රිම් මාද්‍ය හමුවේ පැහැදිලි කර තිබෙනවා.

ජෝඩන් බ්‍රිම් යනු පිටසක්වළ ජීවීන් සිටිනවාදැයි සොයන, විශ්වය සම්බන්ධයෙන් පර්යේෂණ කරන ලොව කීර්තිමත් විද්වතුන්ගෙන් කෙනෙකි.

පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන එම අසාමාන්‍ය කුඩා සිරුරු මෙක්සිකෝ කොංග්‍රස් මණ්ඩලය හමුවේ ප්‍රදර්ශනය කළේ  පිටසක්වළ ජීවීන් ගැන දශක ගණනක් තිස්සේ උනන්දුවක් දක්වන ජේමී මොසාන් ය.

පිටසක්වළ ජීවීන් සහ පියාඹන පීරිසි සම්බන්ධයෙන් තමන් විශේෂඥයකු යැයි කීවත්, ජේමී මොසාන් ට ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් නොමැති බවත්, ඔහු මාධ්‍යවේදියකු බවත් මහාචාර්ය ජෝඩන් බ්‍රිම් පවසා තිබේ.

ජේමී මොසාන් මෙක්සිකෝ පාර්ලිමේන්තුවට පැහැදිලි කළේ, ගවේෂණ කණ්ඩායමට හමුවුණු පොසිලකරණයට ලක් වුණු කුඩා සිරුරු දෙකකි. එම සිරුරු පාර්ලිමේන්තුවට ගෙනැවිත් ප්‍රදර්ශනය කෙරුණේ වීදුරු පෙට්ටි දෙකක තැම්පත් කරමිණි.

පිටසක්වළ ජීවීන් යැයි සැක කෙරෙන එම සිරුරු හමුවී ඇත්තේ පේරු රටේ කොස්කෝ පළාතේ ඇල්ගී ලෙනක සිදු කළ ​ගවේෂණයකදීය.

සිරුරු අළු පැහැතිය, මනුෂ්‍ය සිරුරකට වඩා ප්‍රමාණයෙන් කුඩාය, අත්වල ඇගිලි 3 කි. ප්‍රමාණයෙන් විශාල හිසට ඇත්තේ ලොකු ඇස් ය. දත් නැත.

ජේමී මොසාන්, පාර්ලිමේන්තුව හමුවේ වැඩි දුරටත් පැහැදිලි කළේ එම සිරුරු කාල නිර්ණ පරීක්ෂණවලට යොමු කළ බවත්, ඒවා වසර දහසක් පැරැණි බව එයින් තහවුරු වුණු බවත්ය.

‘කැඩ්මියම්’ සහ ‘ඔස්මියම්’ නමැති අති දුර්ලභ ලෝහ කැබැලි මෙම සිරුරුවලට බද්ධ කර ඇතැයි ද ජේමී මොසාන්, වැඩි දුරටත් පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දී තිබේ.

ජේමී මොසාන් කළ මෙම අනාවරණය මේ වනවිට ලොව පුරා මහත් ආන්දෝලනයක් නිර්මාණය කර අවසන්ය. සමාජ මාධ්‍ය ඔස්සේ ද කසුකුසුවක් පවතී.

මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එම අසාමාන්‍ය සිරුරු පිටසක්වළ ජීවීන්ගේ යැයි සියයට 100 ක් සහතික කළ නොහැකි යැයි ජේමී මොසාන් අනාවරණය සම්බන්ධයෙන් ඇමෙරිකන් මහාචාර්ය බ්‍රිම් මෙසේ පැහැදිලි කරයි.

‘මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඒ අසාමාන්‍ය සිරුරු පිටසක්වළ​ ජීවීන්ගේ යැයි සෘජුව කීමට බැහැ. ඒවා ඉදිරිපත් කළේ විද්‍යාඥයකු හෝ විද්වතකු නොවෙයි. ජේමී මොසාන් කියන්නේ පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන සොයන විද්වතෙකු නොවෙයි. පියාඹන පීරිසි ගැන හෝ පිටසක්වළ ජීවීන් ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න ඔහුට විද්‍යාත්මක දැනුමක් නෑ. ඔහු මාධ්‍යවේදියෙක්. ඔහු මීට පෙර ද මේ අයුරින් ඉදිරිපත් කළ සාක්ෂි බොරු වී තිබෙනවා. වෙනසකට තියෙන්නේ, ඔහු මෙක්සිකෝ පාර්ලිමේන්තුවට එම පිටසක්වළ ජීවීන්ගේ යැයි කියන සිරුරු ඉදිරිපත් කළේ, පිටසක්වළ ජීවීන් සිටිනවා යැයි පාර්ලිමේන්තුව හමුවේ දිවුරුම් දීමක් කරමින්.’ යැයි මහාචාර්ය ජෝඩන් බ්‍රිම් වැඩි දුරටත් පවසා තිබේ.
 



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top