
ඇමරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය ප්රමුඛ විද්යාඥයන් කණ්ඩායමක් විසින් ඉදිරියේදී ගගනගාමීන්ට සඳෙහි දිගු කාලසීමාවක් ජීවත් වීමට උපකාරී වන සඳෙහි උෂ්ණත්වය ඉහළ නැංවිය හැකි නව බලශක්ති මූලාශ්රයක් නිපදවා තිබේ. නාසා ආයතනයේ විද්යාඥයන් ප්රමුඛ විද්යාඥයන්ගෙන් සැදුම්ලත් ‘ආර්ටමිස්’ වැඩසටහන මගින් නිපදවා ඇති මෙම බලශක්ති මූලාශ්රය න්යෂ්ඨික ඉන්ධනයක් ලෙස නිපදවා ඇති අතර එය ‘ට්රයිසෝෆුයල්’ ලෙස නම් කර තිබේ.
එංගලන්තයේ බන්ගොර් විශ්වවිද්යාලය විසින් නිපදවා ඇති පොපි ඇටයක ප්රමාණයේ කුඩා ගබඩාවක අන්තර්ගතව ඇති මෙම න්යෂ්ඨික ඉන්ධනය හරහා සඳෙහි මිනිස් ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්ය බලශක්තිය නිපදවීම සිදු කෙරෙන බව නාසා විද්යාඥයෝ පවසති. මෙම නවතම ඉන්ධන වර්ගය නිපදවීම අභියෝගයක් වුවද එය විනෝදාත්මක ක්රියාවලියක් ලෙස ඉන්ධනය නිපදවූ බන්ගොර් විශ්වවිද්යාලයෙහි මහාචාර්ය සයිමන් මිඩ්ල් බර්ග් හඳුන්වා දී ඇත.
සඳෙහි විවිධ පැතිවල උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක ඍන 414 (සෙල්සියස් ඍන 248ක්) වැනි අඩු උෂ්ණත්වයක පැවතීම හේතුවෙන් විද්යාඥයන් විසින් නිපදවා ඇති න්යෂ්ටික ඉන්ධනය රෝල්ස් රොයිස් ආයතනය විසින් නිපදවා ඇති මයික්රෝ ප්රමාණයේ විදුලිජනක යන්ත්රය සඳ මත ක්රියාත්මක කිරීම සඳහා යොදා ගැනීමට විද්යාඥයෝ අපේක්ෂා කරති.
මෙම නව න්යෂ්ඨික ඉන්ධනය වැඩිදුර පරීක්ෂාව සඳහා අදාළ අංශ වෙත යවා ඇති බව එය නිපදවූ විද්යාඥයෝ සඳහන් කර ඇත. නාසා ආයතනය වසර 2030දී පමණ සඳ වෙත ගගනගාමීන් යැවීමට සැලසුම් කර තිබේ.
117 Views
140 Views
193 Views
202 Views
91 Views
163 Views
162 Views
187 Views
108 Views
141 Views
598 Views
274 Views
278 Views
43 Views
42 Views
35 Views