ගඟනගාමීන්ට සඳෙහි දිගු කාලයක් ජීවත් වීමට, සඳෙහි උෂ්ණත්වය ඉහළ යවන්න, නාසා ආයතනයෙන් ඉන්ධනයක්..
Tuesday, 05 September 2023 - 11:26 | Views - 419

ඇමරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් ඉදිරියේදී ගගනගාමීන්ට සඳෙහි දිගු කාලසීමාවක් ජීවත් වීමට උපකාරී වන සඳෙහි උෂ්ණත්වය ඉහළ නැංවිය හැකි නව බලශක්ති මූලාශ්‍රයක් නිපදවා තිබේ. නාසා ආයතනයේ විද්‍යාඥයන් ප්‍රමුඛ විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් ‘ආර්ටමිස්’ වැඩසටහන මගින් නිපදවා ඇති මෙම බලශක්ති මූලාශ්‍රය න්‍යෂ්ඨික ඉන්ධනයක් ලෙස නිපදවා ඇති අතර එය ‘ට්‍රයිසෝෆුයල්’ ලෙස නම් කර තිබේ.

එංගලන්තයේ බන්ගොර් විශ්වවිද්‍යාලය විසින් නිපදවා ඇති පොපි ඇටයක ප්‍රමාණයේ කුඩා ගබඩාවක අන්තර්ගතව ඇති මෙම න්‍යෂ්ඨික ඉන්ධනය හරහා සඳෙහි මිනිස් ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය බලශක්තිය නිපදවීම සිදු කෙරෙන බව නාසා විද්‍යාඥයෝ පවසති. මෙම නවතම ඉන්ධන වර්ගය නිපදවීම අභියෝගයක් වුවද එය විනෝදාත්මක ක්‍රියාවලියක් ලෙස ඉන්ධනය නිපදවූ බන්ගොර් විශ්වවිද්‍යාලයෙහි මහාචාර්ය සයිමන් මිඩ්ල් බර්ග් හඳුන්වා දී ඇත.

සඳෙහි විවිධ පැතිවල උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක ඍන 414 (සෙල්සියස් ඍන 248ක්) වැනි අඩු උෂ්ණත්වයක පැවතීම හේතුවෙන් විද්‍යාඥයන් විසින් නිපදවා ඇති න්‍යෂ්ටික ඉන්ධනය රෝල්ස් රොයිස් ආයතනය විසින් නිපදවා ඇති මයික්‍රෝ ප්‍රමාණයේ විදුලිජනක යන්ත්‍රය සඳ මත ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනීමට විද්‍යාඥයෝ අපේක්ෂා කරති.

මෙම නව න්‍යෂ්ඨික ඉන්ධනය වැඩිදුර පරීක්ෂාව සඳහා අදාළ අංශ වෙත යවා ඇති බව එය නිපදවූ විද්‍යාඥයෝ සඳහන් කර ඇත. නාසා ආයතනය වසර 2030දී පමණ සඳ වෙත ගගනගාමීන් යැවීමට සැලසුම් කර තිබේ.

 

( උපුටා ගැනීම - දිවයින ) 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top