උස තැන්වලට බයක් නැත්නම් මෙන්න යන්න නියම තැනක්.. මේකනම් මාරම අත්දැකීමක් වෙයි ? (Photos)
මිනිස්සු ආසයිනේ ත්රාසයජනක අත්දැකීම් ලබා ගන්න.බොහෝ වෙලාවට සංචාරකයින් ත්රාසය භීතිය වෙනුවෙන්ම රටවල් තෝරාගෙන ඒ අත්දැකීම ලබා ගන්න එහි යනවා.
මේ කියන්න යන්නේ ඒ වගේ අත්දැකීමක් ලබා ගන්න පුළුවන් තැනක් ගැන.
නිරිත දිග චීනයේ chongqing ප්රදේශයේ තමයි මේ ත්රාසය ජනක අත්දැකීම ලබා ගන්න පුළුවන් අපූරු තැන තියෙන්නේ.
flying kiss ප්රතිමාව එරට දේශීය සහ විදේශීය සංචාරකයින් අතර වඩාත් සුප්රසිද්ධ තැනක්.මෙතැන තමයි ලොව උසම ස්ථානය සහිත කුළුන තමයි මේ flying kiss ප්රතිමා දෙක.අවට නිරීක්ෂණය වෙනුවෙන් ඉතාමත් සුවිශේෂී තැනක් කියලයි කියන්නේ.මේ ප්රතිමා දෙක එහා මෙහා යන උපරිම තැනදි උස අඩි 3000ක් කියලයි කියන්නේ.මේ ප්රතිමා දෙක ගත්තම මේ ප්රතිමා දෙකත් චීන පුරාවෘත්තයක එන පෙම් යුවලක් කියලයි හැඳින්වෙන්නේ.මෙතැන ත්රාසජනක අත්දැකීමක් වෙනුවෙන් නම් කියාපු තැන කියන්න හේතුව තමයි මේ ප්රතිමාවේ කුටිය තුලට ගියාට පසු මේ පිලිම එහා මෙහා යන අතරතුර පැලඳගන්න බඳ පටි හෝ ආසනයක් වත් නැති එක.ඉතින් මේ වගේ අත්දැකීමක් ගන්න යනවා නම් ඔන්න චීනයට යන්න.


