
‘චන්ද්රයාන් 3’ යානය සාර්ථකව සඳට යැවීමෙන් ලැබූ පන්නරයත් සමඟ, ඉන්දීය අභ්යවකාශ පර්යේෂණ ආයතනය, තව සතියක කාලයකින් හිරු ගවේෂණයට රොබෝ යානයක් යැවීමට බලාපොරොත්තු වෙයි.
හිරු ගවේෂණයට යැවෙන මෙම යානය නම් කර ඇත්තේ ‘ආධිත්යා’ Aditya-L1 යනුවෙනි.
හිරුගේ රැස් වළල්ල, (හිරුගේ බාහිර වායුමය වැස්ම. ඉංග්රීසියෙන් කොරෝනා corona යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි.) සූර්ය සුළං ආදිය ගවේෂණය කිරීම මෙම ‘ආධිත්යා L1’ යානයේ අරමුණය.
‘ආධිත්යා’ Aditya-L1 ගවේෂණ යානය, L1 යනුවෙන් හැඳින්වෙන්නේ, එය හිරු සහ පෘථිවිය අතර L1 ලග්රාන්ජ් ලක්ෂයේ රඳවා තැබෙන නිසාය. ලග්රාන්ජ් ලක්ෂය ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.5 ක දුරකිනි.
‘ආධිත්යා’ Aditya-L1 හිරු ගවේෂණය කරනු ඇත්තේ L1 ලග්රාන්ජ් ලක්ෂයේ සිටය.
ඉන්දීය අභ්යවකාශ පර්යේෂණ ආයතනයේ මූලස්ථානය ඇත්තේ බෙංගලූරු නුවරය. හිරු ගවේෂණයට ඉන්දියාව යැවෙන පළමු රොබෝ යානය ‘ආධිත්යා’ Aditya-L1 බව එම ඉන්දීය අභ්යවකාශ පර්යේෂණ ආයතන පවසා ඇත්තේ මහත් ආඩම්බරයෙනි.
ලග්රාන්ජ් ලක්ෂ්යය යනු හිරු සහ පෘථිවිය යන ග්රහ වස්තූන් දෙකේ, ගුරුත්වාකර්ෂණයන්ගේ බලපෑමෙන් ආකර්ෂණයත් විකර්ෂණයත් දෙකම එක විට ඇති ස්ථානයකි.
මෙවැනි තැනක රැඳෙන ග්රහ වස්තුවක් හෝ රඳවන අභ්යවකාශ යානයක් හෝ වැඩි ආයාසයක් නොගෙන, (හිරු දෙසට හෝ පෘථිවිය දෙසට හෝ ඇදී යාමක් නැතිව) කක්ෂයෙහි වෙනස් වීමක් නොමැතිව, ස්ථාන ගත කළ හැකිය.
ඇමෙරිකාවේ නාසා ආයතනය, ප්රබල ‘ජේම්ස් වෙබ්’ අභ්යවකාශ දුරේක්ෂ රඳවා ඇත්තේ ද මෙම ලග්රාන්ජ් ලක්ෂ්යයේය.
ලග්රාන්ජ් ලක්ෂ්ය දෙකක් මේ වනවිට හඳුනාගෙන ඇත.
ලග්රාන්ජ් ලක්ෂ්ය එම නමින් නම් කර ඇත්තේ, ඒවා සොයා ගත් ජෝසප් ලුවී ලග්රාන්ජ් නම් කීර්තිමත් ඉතාලි-ප්රංශ ගණිතඥයා සිහි ගන්වමිනි.
( උපුටා ගැනීම - ලංකාදීප )
117 Views
142 Views
193 Views
203 Views
91 Views
165 Views
163 Views
187 Views
109 Views
141 Views
599 Views
274 Views
278 Views
44 Views
43 Views
35 Views